spot_img
Saturday, March 7, 2026
spot_img

නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 2024 නොවැම්බර් 21 – පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14

Must read

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් 2024 නොවැම්බර් 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන බවත් නිවේදනය කර ඇත.

2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇත.

එසේම මෙම ප්‍රකාශනය මගින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා 2024.11.14 වැනි දිනය නියම කර ඇති අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ලෙස 2024.10.04 සිට 2024.10.11 දක්වා නියම කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article