අද රාත්‍රී 10.30ට ආරම්භ වූ දෙරන වාද පිටියට සහභාගී වී සිටින පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ඊයේ (02) නාත්තන්ඩිය ප්‍රා.සභාවේ සිදුවූ ආරවුල සම්බන්ධයෙන් කළ විමසුමට පිලිතුරු දෙමින් පවසා සිටියේ , ආණ්ඩු පක්ෂය විසින් දේශපාලන බලය අවභාවිතා කළ සිදුවීම් කීපයක් සිදුවු බවයි. උදාහරණයක් ගෙනහැර දක්වමින් චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා සිටියේ ”වෙන්නප්පුව කියන්නේ මගේ ආසනේ, අඩුම තරමේ ඊයේ තිබුණ ප්‍රාදේශීය සභාවේ දිවුරුම්දීමේ උත්සවයට මට ආරාධනා කළේ නෑ. මට ආරාධනා කරන්න ඒපා කියලා කියලා තිබුණා .නමුත් මම මගේ මන්ත්‍රීවරුන්ව යැව්වා ඒතෙන්ට හොදින් සහභාගී වෙන්න කියලා යැයි” පවසන ලදී. ඒ වගේම නාත්තන්ඩිය ප්‍රා.සභාවේ දිවූරුම් දීමේ උත්සවය අවසන් වෙලා රට අනුරට කියන ගීතය ප්‍රචාරය කරලා තිබ්බා. ඒ්ක ඒහෙම වෙන්න බැහැනේ. දේශපාලන බලය අවභාවිතා කරනවා කියන්න වෙන උදාහරණ අවශ්‍ය නොමැති බව ඔහු අවධාරනය කරන ලදි.
‘මගේ ආසනේ ප්‍රා.සභාවේ දිවුරුම් දෙන උත්සවයට මට ආරාධනා කළේ නෑ’ – පා.ම.චිත්‍රාල් ප්‍රනාන්දු
