spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුව ප්‍රා.සභාවට මල්මිටක්

Must read

වෙන්නප්පුව ප්‍රා.සභා බල කොට්ඨාශයේ ජීවත්වන ජනතාවට විශාල ගැටළුවක්ව තිබු පැම්පර්ස්ස් හෙවත් සනීපාරක්ෂක තුවා (SANITARY NAPKINS) බැහැරකිරීමේ ගැටළුවට මේ වනවිට ප්‍රා.සභාව විසින් සහනදායි විසඳුමක් ලබාදී තිබේ. මීට පෙර රජය යටතේ පැම්පර්ස් කිලෝ එකකට රැ 100ක් අයකෙරුණ අතර මේ වනවිට ඒම මුදල ජනතාවගෙන් අය නොකෙරේ. සාමාන්‍යෙයන් වැඩිහිටියන් සිටින නිවෙස් වල විශාල පැම්පර්ස් ප්‍රමාණයක් සතියකට පාවිච්චි කරන අතර මේ වනවිට ඒවා බැහැරකිරීම වෙනුවෙන් මුදලක් අය කළහොත් එය සාමාන්‍ය ජනතාවට දරන්නට නොහැකි මුදලකි. මේ වනවිට නව රජය යටතේ ලබාදුන් පොරොන්දුව පරිදි නිවෙස් වලින් බැහැර කරන වයස්ගත පුරවැසියින්ගේ සනීපාරක්ෂක තුවා වෙනුවෙන් නගරවාසින්ට මුදලක් ගෙවිමට සිදුවන්නේ නැත. ඒ වෙනුවෙන් විශේෂ ස්තූතියක් ප්‍රා.සභාවට පිරිනැමිය යුතුය. මෙය විශේෂ කාරණයක් වන්නේ වැඩිහිටියන් දෙදෙනෙකු සිටින නිවසකට පැම්පර්ස් මිළදී ගැනීමටද මසකට අවම මුදලක් ලෙස 15000 – 20000ත් අතර මුදලක් වැයවීමත්, සමහර අවස්ථාවල රෝගී වැඩිහිටියන් සිටින තැන්වල පැම්පර්ස් සඳහා යන වියදම ඊට වැඩා වැඩිවිම නිසාය. ඒ මිළට අමතරව ඒවා බැහැර කරන්නටත් මුදලක් වියදම් කරන්නට සිදුවීම ඉතාමත් අසීරු කරුණකි. එබැවින් වෙන්නප්පුව ප්‍රා.සභාව විසින් සිදුකරන මෙම සේවයට නගරවාසී අපගෙන් ස්තූතිය පිරිනමමු.

පුෂ්පා කාන්ති

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article