spot_img
Friday, March 6, 2026
spot_img

කඩා වැටුන තොඩුවාව පාලම නිසා ජනතාවට දැඩි පීඩාවක් !

Must read

ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් දැදුරු ඔය පිටාර ගැලූ අතර හලාවත, මහවැව,මාදමේපේ ,ඉරණවිල ,නාත්තන්ඩිය යන ප්‍රෙද්ශද ජලයෙන් යටවිය. ඉරණවිල -තොඩුවාව යා කරන ප්‍රධාන පාලමක් වූ තොඩුවාව පාලම ද දැඩි ගංවතුර හේතුවෙන් දෙදරා දෙකට කැඩීගොස් තිබේ. මාරවිල සිට හලාවත දක්වා දිවෙන වෙරළ තීරුවේ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මෙම තොඩුවාව පාලම කැඩිම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට විශාල දුෂ්කරතාවයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. ඉරණවිල ජනතාවට මහවැව නගරයට මෙන්ම කොළඹ – හලාවත මාර්ගය දෙසට පිවිසීමට ඇති පහසුම මාර්ගය මෙලෙස වැසීගොස් තිබේ.

ඡායාරූප – තරිදු ප්‍රියංකර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article