spot_img
Friday, March 6, 2026
spot_img

හලාවත සේවය කළ වෛද්‍ය කණ්ඩායමට ප්‍රා.සභාව පහසුකම් සැපයුවා මදි?

Must read


දිට්වා සුළි කුණාටු හේතුවෙන් විපතට පත්වූ හලාවත ජනතාවට වෛද්‍ය සේවය ලබාදීමට ජපානයේ සිට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායම සිය සේවය ඉතාමත් කැපවීමෙන් ජනතාවට ලබාදුන් අතර සිය කදවුර පිරිසිදු කරගැනීමේ සිට සියලූම කාර්යයන් ඔවුන් විසින්ම සිදුකරගැනීම ප්‍රශංසනීයය.

මෙම ගංවතුර ආපදාව නිසා අවතැන් වු හලාවත ජනතාවට ප්‍රතිකාර ලබාදීම පිණිස ජපානයෙන් පැමිණි විශේෂ වෙද්‍යවරුන් කණ්ඩායම දින ගණනාවක් ප්‍රතිකාර ලබාදෙමින් හලාවත ජනතාවට දැක්වු මෙහෙය අද (14) දින අවසන් කරණ ලදි. එම පිරිස හෙට දිනයේදී දිවයිනෙන් සිය රට බලා නික්මෙනු ඇත.

සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ ඇමති ඇමතිවරුන් පිරිසක් කලින් පැමිණ ඔවුන්ට ස්තුති කළ අතර ඔවුන් ප්‍රතිකාර ලබා දීමෙන් අනතරුව තමන්ම කුඩාරම් ගලවා ගනුද දැක ගත හැකිවිම විශේසගෂ දෙයකි. ඔවුන් පිටව යන විට ඔවුන්ට තුති පිදිමට වගකිව යුතු කිසිවෙකු පැමිණ නොසිටි බව දැකීම කණගාටුවක් ඇති කළේය.

කෙසේ වෙත් එම පිරිස ප්‍රතිකාර ලබා දුන් අවසථාවේදි මදුරු තර්ජනයෙන් බේරීම සදහා මදුරු දගර දල්වා ගෙන සිය කටයුතු කළ බව දැකීමත් කණගාටුදායකය. හලාවත නගරය මදුරුවන්ගෙන් ගහන බව දන්නා නගර සභාව අඩු තරමින් ඊටසුදුසු ප්‍රතිකර්මයක් යෙදීමට අපොහොසත්වීමට විරෝධය පල කළ යුතුය.

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article