අද දින වෙන්නප්පුව පොලිස් වසමේ අංක 210/ඒ, දෙවන ජුබිලි මාවත, වයික්කාල ලිපිනයේ පිහිටි කොරනේෂන් ඇඹරුම්හලෙහි සේවය කරමින් සිටි පහත පුද්ගලයන් දෙදෙනෙකු නීති විරෝධී මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගොස් ඇති අතර එම ආයතනයේ සේවය කරනු තවත් පුද්ගලයන් තිදෙනෙකු රෝගී වීම හේතුවෙන් මීගමුව රෝහල වෙත මේ වන විට ඇතුලත් කර ඇත. මෙම මත්පැන් පානය කර ඇති පුද්ගලයන් 5 දෙනෙකු අද උදෑසන වන විට මියගොස් ඇති අතර මියගිය පුද්ගලයන් 53,අවු 28,අවු 55,56,47 යන වයසේ පසුවූ පුද්ගලයන් වේ. මොවුන් සියලු දෙනාම වයික්කාල ප්‍රෙද්ශයේ තාවකාලිකව පදිංචිව සිටි පිරිසක් බවට තොරතුරු වාර්තා වේ. මිය යාමට හේතුවී ඇත්තේ පානය කර ඇති මත්පැන් වන අතර ප්‍රමිතියකින් තොරව විවිධ නීති විරෝධී ආකාරයට සාදා ඇති මත්පැන් මෙම ප්‍රෙද්ශයේ අළෙවියට ඇති මීට පෙරද මෙවැනි මරණ වාර්තා වී තිබේ.
මෙම පුද්ගලයන් සියලු දෙනා වයික්කාලයේ පදිංචි කාන්තාවක් විසින් අළෙවි කළ නිතීවිරෝධි මත්පැන් මිලදීගෙන පානය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.







