ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ පරිශ්‍රය තුළ පුවත්පත් කියවීමට ස්ථානයක් පසුගිය 17 වනදා ස්ථාපිත කරන ලදී. මෙසේ මගින්ට පුවත්පත් කියවීමට අවස්ථාවක් ලබාදීම ඉතාම අගය කළ යතු කටයුත්තකි. මෙම සද්කාර්යය හලාවත නගර සභාවේ මහජන පුස්කාලය හා සුරංග පදනම සමග එක්ව සිදුකර තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ පරිශ්‍රය තුළ බස් රථයක් එනතුරු රැදී සිටින දරු දැරියන් හා මගී ජනතාව හට තොරතුරු දැනගැනීම හා දැනුම ලබාදීමේ අරමුණ පෙරදැරිව දෛනිකව පුවත්පත් කියවීම සඳහා සුදුසු ස්ථානයක් ආරම්භ කිරීම 17 වනදා සවස හලාවත නගර සභාවේ ගරු සභාපති නීතිඥ සුමේධ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ ක අතර, ඒ සඳහා ගරු සභික මහත්ම මහත්මින්ගේ හා ප්‍රජා සංවර්ධන කමිටු සාමාජිකයින් සහභාගි විය.එමෙන්ම මෙම වැඩ සටහන සදහා හලාවත නගර සභාවේ ලේකම්, පරිපාලන නිලධාරි හා ප්‍රජා සංවර්ධ නිලධාරි ඇතුළු කාර්යමණ්ඩලයද සහභාගි විය.

උපුටා ගැනීම හලාවත මහ නගර සභා ෆෙස්බුක් පිටුවෙන්







