spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු ඇරේ.

Must read

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළගාවීම නිසා අද පෙරවරු 7 වන විට එහි තවත් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් කටයුතු කළහ.

ඊයේ දිනය වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කර තිබූ අතර, අද විවෘත කළ වාන් දොරටු දෙකත් සමග මේ වන විට දොරටු 07 කින් දැදුරුඔය ජලාශයෙන් වාන් ජලය පිටකරමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

දැදුරු ඔය ජලාශ‍යෙන් පිටකරන වාන් ජලය දැදුරුඔයට මුදා හරින බැවින් දැදුරු ඔය පහළ කොටසේ එනම් , හලාවත සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචිකරුවන් විශේෂ අවධානයෙන් පසුවන ලෙසට පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහව වීරරත්න බණ්ඩාරdeduru oya jalashaya 2 copy deduru oya jalashaya 1 copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article