spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

වෙන්නප්පුවේ රන් මාල සොරකම්

Must read

අංක තහඩු නොමැති යතූරු පැදියකින් පැමිණ කාන්තාවන් දෙදෙනෙකු  පැළද සිටි රන් දම්වැල් කොල්ලකෑමේ සිද්ධීන්   දෙකක් පිළිබදව විමර්ශණයක් වෙන්නප්පුව සහ දංකොටුව පොලීසි විසින් ආරම්භ කර ඇත. මෙසේ විමර්ශන සිදුකරනු ලබන්නේ ඉකුත් 16 වෙනිදා පෙ. ව. 8.15 ට පමණ වෙන්නප්පුව – සුදු වැල්ල පාරේදී සිදුවී ඇති එක් කොල්ලයක් සම්බන්ධයෙනි. මෙම සිද්ධියට මුහුණ දී ඇති කල්පිටිය – මොහොත්තුවාරම පදිංචිකාරියක් වන තම්මිට ආරච්චිලාගේ ශලනි කවීෂා ( අවු:18) නම් අය වෙන්නප්පුව පොලීසියට මෙසේ පවසා ඇත්තේ , තමන් වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටිමින් රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරන බවත්, ඉකුත් 16 වෙනිදා පෙරවරුවේ මිතුරියන් දෙදෙනෙකුද සමග පා ගමනින් යමින් සිටින විට මාර්ගයේ පාළු ස්ථානයකදී අංක තහඩු රහිත යතුරු පැදියකින් පැමිණි අයෙකු තමා පැළද සිටි රුපියල් 4,05,000 ක් පමණ වටිනා රන් දම්වැල කොල්ලකා පලා ගිය බවත්ය.

දකොටුව

මේ අතර ඉකුත් 15 වෙනිදා රාත්‍රී 7.15 ට පමණ දංකොටුව – පහළ මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ වෙළද සැළක හිමිකාරිය පැළද සිටි රුපියල් ලක්ෂ 06 ක් පමණ වටිනා රන් දම්වැළක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව දංකොටුව පොලීසිය කියයි.

එම වෙළදසැලේ හිමිකාරිය වන මුතුපෝරුතොටගේ අයිරාංගනී කුසුමලතා ( අවු:60) යන අය පොලීසියට පවසා ඇත්තේ භාණ්ඩ මිළදී ගන්නා මුවාවෙන් පැමිණි අයෙකු තමා පැළද සිටි රන් දම්වැල කොල්ලකා පලා ගිය බවය.

කොල්ලකරුවන් කව්රුන්ද යන්න පැමිණිළිකාරියන් හදුනා ගෙන නොමැති බව පොලීසිය කියයි.

වෙන්නප්පුව සහ දංකොටුව පොලීසි වැඩිදුර විමර්ශණ කර ගෙන යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article