පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ පවුල්1464 ක පුද්ගලයින් 5068 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව පුත්තලම දිසා ලේකම් ඉන්දික සිල්වා මහතා සදහන් කරයි. වෙන්නප්පුව, මහකුඹුක්කඩවල, හලාවත, මාදම්පේ, නාත්තන්ඩිය, දංකොටුව සහ මහවැව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ග්රාම නිලධාරී වසම් 112 ක ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇත. මාදම්පේ – මැදගම ප්රදේශයේ පුද්ගලයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇත.
වැසි සමග පැවති සුළං හේතුවෙන් දිස්ත්රික්කයේ නිවාස 180 කට අර්ධ සහ සුළු හානි සිදුවී ඇත. ප්රධාන සහ අතුරු මාර්ග රැසක ගස් කඩා වැටීම නිසා ගමනා ගමනයටද බාධා එල්ල වී තිබුණි. ඒ ඒ ප්රදේශ වල පොලීස් ස්ථාන වල නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව කඩා වැටී තිබුණු ගස් ඉවත් කිරීමට කටයුතු කරණ ලදි. නාත්තන්ඩිය – වලහාපිටිය දුම්රිය ස්ථානය අසල තිබූ ගසක් කඩා වැටීමෙන් ඒ ආසන්නයේ ගාල් කර තිබු වාහන තුනකට හානි සිදුවී තිබුණි.


ජූඩ් සමන්ත







