spot_img
spot_img
Thursday, July 2, 2026
spot_img
spot_img

අධික වේගය 19 හැවිරිදි තරුණයාට දිවි අහිමිකරයි

Must read

ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයේ දී සිදුවු මාරක අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව තිබේ. මෙම අනතුර සිදුවන අවස්තාවේදී ඔහුගේ සොහොයුරාද යතුරුපැදියේ ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබු වැඩිමල් සොහොයුරා කොළඹ ජාතික රෝහලට 2 දින අලුයම ඇතුලත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ අධික වේගය නිසා යතුරු පැදියක් මාර්ගයෙන් ඉවත පැනීමෙන් බවද පොලීසිය සදහන් කරයි.

මෙම අනතුරීන් මරණයට පත්ව ඇත්තේ පුත්තලම අට්ටවිල්ලුව 5 බවුම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සසිදු ලක්ෂාන් නැමති තරුණයෙකි.

පොසොන් පොහොය නිමිත්තෙන් ආණමඩුව නගරයේ පැවති පොසොන් කලාපයට නැරඹිමට ගොස් ආපසු නිවෙස බලා එමින් සිටියදී මෙම සොහොයුරන් ගමන් කල යතුරු පැදිය අධික වේගයත් සමග පාලනයෙන් ගිලිහි ගොස් කොට්ටුකච්චිය හා කච්චිමඩුව ජලාශ දෙක යා කරන පාලමට නුදුරීන් මිටර් 50 වැඩි දුරක් විසිවි ගොස් කුඩා ඇල මාර්ගයකට ඇද වැටි මෙම අනතුර සිදුව ඇති බව කියයි.

ඡායාරූප – හිරාන් ප්‍රියංකර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article