වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජල පහරට හසුව ගසාගෙන ආ කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු කුණු රොඩු මා ඔය හරහා ඉදිකර ඇති පල්ලේගම පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වී තිබිණි. මේ ආකාරයට පල්ලේගම පාලම තුළ සිරවූ දැව කඳන් ඇතුළු අවශේෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගිය 15 වනදා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. එය කඩිනමින් යතාවත් කිරීම සඳහා නාවික හමුදාව මෙම මෙහෙයුම සඳහා බටහිර නාවික විධානයේ විශේෂ කණ්ඩායමක් යොදවා තිබිණි.
ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කරුවන්ගෙන්ද සමන්විත එම විශේෂ කණ්ඩායම සිදුකල මෙම මෙහෙයුම මඟින්, පල්ලෙවෙල පාලම තුල සිරවූ දැව කඳන් ඇතුළු අවශේෂ මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර, එම පාලම ඔස්සේ මා ඔයේ ජලය ක්‍රමවත්ව බැසයාමට අවශ්‍ය කටයුතු සිදුකෙරිණි.











