මුන්දලම – අගුණවිල කනිටු විද්‍යාලය සදහා අභිනවයෙන් ස්ථාපනය කරන ලද පරිඝනක ඒකකය ලෝක ළමා දිනය දා සිසු අයිතියට පත් කරන ලදි.
ප්‍රදේශවාසීන් විසින් සිදු කර ඇති පරිත්‍යාග තුළින් නව පරිඝනක ඒකකය ස්ථානය කර ඇත. උත්සාහයෙන් ජයගත් පරිඝනක ඒකකය ලෙස මෙය නම් කිරීමටද විදුහල්පතිවරයා කටයුතු කර ඇත.ගුරු – සිසු උත්සාහය හේතුවෙන් මෙම පරිඝනක ඒකකය ස්ථාපනය කිරීම ඊට හේතුව වී ඇත.
නව පරිඝනක ඒකකය සිසු අයිතියට පත් කරන අවස්ථාවට අගුණවිල වැඩිහිටි සමිතියේ සභාපති පැට්‍රික් ෆෝන්සේකා,මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීනී වසන්ති,අගුණවිල කනිටු විද්‍යාලයේ විදුහල්පති නීල් ප්‍රියංකර යන මහත්මා මහත්මීන්ද සහභාගි වී සිටියේය.


ජුඩ් සමන්ත







