spot_img
spot_img
Sunday, October 18, 2026
spot_img
spot_img

‘බොහෝ රාජ්‍ය ආයතන වල සේවකයින් සහ නිලධාරී හිගය දැඩි ලෙස තිබෙනවා.’ – පා.ම අජිත් ගිහාන්

Must read

රාජ්‍ය සේවයේ පවතින අකාර්යංක්ෂම තාවය නිසා හේතුවෙන් බොහෝ සංවර්ධන කටයුතු සීඝ්‍රයෙන් සිදු කිරීමට නොහැකි වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැවසීය. වාරි මහිම වැඩ සටහන යටතේ හලාවත – තිඹිල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරමින් පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මහවැලි උපදේශණ කාර්යංශය යටතේ වාරි මහිම වැඩ සටහන ක්‍රියාත්මක වේ.මෙම වැඩ සටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් 10 ක් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.ඒ සදහා රජය විසින් රුපියල් කෝටි 100 ක මුදලක් වෙන් කර ඇත.හලාවත – තිඹිල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා පමණක් රජය රුපියල් කෝටි 17.5 ක මුදලක් වෙන් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා මෙසේද පැවසීය.

ගෙවී ගිය වසර දෙකක කාලය තුළ රජයක් ලෙස අපිට විශාල වැඩ ප්‍රමාණයක් කරන්න හැකි වී තිබෙනවා.අපි කරලා තියෙන්නේ මොනවද කියලා බොහෝ දෙනෙක් දන්නෙත් නෑ.එමෙන්ම තවත් සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් කරන්න ඉතිරි වෙලා තිබෙන බව අපි පිළි ගන්නවා.රජයක් ලෙස අපි කොතරම් වැඩ කරන්න උත්සාහ කළත් රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සංවර්ධන කටයුතු වලට බාධාවක් වෙලා තියනවා.

බොහෝ ආයතන වල සේවකයින් සහ නිලධාරී හිගය දැඩි ලෙස තිබෙනවා. මෙම තත්ත්වය සෑම රාජ්‍ය ආයතනයකම අඩු – වැඩි ලෙස දකින්න තිබෙනවා. සේවය කරන සුළු පිරිසටත් ප්‍රමාණවත් තරම් පහසුකම් නෑ.

පසුගිය කාලය තුළ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් පැවති රජයන් ක්‍රියාත්මක නොවීම තමයි වර්තමානයට බලපා තිබෙන්නේ.එසේ නොමැතිව රජයක් විධියට අපි වැඩ නොකරනවා නොමෙයි.කරන්න විධියක් නැති කමයි තියෙන්නේ.

මේ වන විට ලෝක අර්බුදයක් නිර්මාණය වෙලා තියනවා.ලෝක අර්බුදයක් නිර්මාණය වුණා කියලා රජයක් ලෙස අපි අපේ වැඩ නවත්වලා නෑ.අපි සාමාන්‍ය ආකාරයට කළ යුතු අත්‍යාවශ්‍ය දේවල් කර ගෙන යනවා.

මෙම අවස්ථාවට හලාවත නගර සභා සභාපති සුමේධ පෙරේරා,හලාවත ප්‍රාදේශීය සභා සභාපති අරුණ ශ්‍රී ආනන්ද,හලාවත ප්‍රාදේශීය ලේකම් චානක ප්‍රේමසූරිය,සහකාර ගොවිජන සේවා කොමසාරිස් අරුණ තෙන්නකෝන්, මහවැලි උපදේශණ කාර්යංශයේ පුත්තලම දිස්ත්‍රික් බාර ඉංජිනේරු නාලක සමරසිංහ යන මහත්වරුන්ද සහභාගි වී සිටියේය.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article