spot_img
spot_img
Tuesday, November 3, 2026
spot_img
spot_img

නිවසකට ඇතුළු වූ පුද්ගලෙයෙකු මුදල් මංකොල්ල කා කාන්තාකට අතවර කිරීම ගැන පරීක්ෂණ

Must read

නිවසකට හොර රහසේ ඇතුළු වී නිදා සිටි කාන්තාවක් දුෂණය කර රුපියල් 3,45,000 ක් වටිනා රන් මුදුවක් සොරකම් කර පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය කියයි.

දංකොටුව – කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි රජයේ සේවිකාවක් මෙම සිද්ධියට මුහුණ දී ඇත.

ඉකුත් 31 වැනිදා රාත්‍රී ආහාරය ගෙන තමන් නින්දට ගිය බවත්,01 වැනිදා අළුයම් කාලයේ කිසිවෙකු තමන් හා ලිංගිව එකතු වූ බවත්,ඒ තම සැමියා යැයි විශ්වාස කර නිහඩව සිටි බවත් පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.තමා සමග ලිංගික එක්වූ පුද්ගලයා එක්වරම ඇදෙන් පැන පලා යාම නිසා සොයා බලන විට සැමියා නිවසේ වෙනත් කාමරයක නිදා සිටි බවද ඇය පොලීසියට පවසා ඇත.පසුව දෙදෙනාම සොයා බලන විට නිවසේ තිබූ තම රන් මුදුව අතුරුදහන්වී ඇති බව දැන ගත් බවත් පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.

නිවසේ මුළුතැන් ගෙයි ජනේලයකින් ඇතුළු වී ඇති අයෙකු මෙම සොරකම සහ ලිංගික අපරාධය සිදු කර ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article