spot_img
spot_img
Tuesday, November 3, 2026
spot_img
spot_img

මුහුදු ගිය බරුදැල්පොළ ධීවරයෙකු අතුරුදහන්

Must read

ඊයේ (02) මුහුදු ගිය තොඩුවාව – බරුදැල්පොල ධීවරයෙකු අතුරුදහන්වී ඇති බව වාර්තා වේ. ඔහු වර්ණකුලසූරිය සුනිල් ප්‍රනාන්දු (අවු:66) නම් අයෙකි. මෙම ධීවරයා මුහුදු ගොස් ඇත්තේ තෙම්පමකින් වන අතර ගිය තෙප්පම සහ ඔහුට අයත් දැල් ආම්පන්න මුහුදේ පා වෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදේදී තෙප්පම පෙරළෙන්නට ඇති බවට විශ්වාස කළ හැකි යැයි පොලීසිය කියයි.

ඉකුත් 02 වැනිදා අළුයම 4.00 ට පමණ තම බාප්පා වන සුනිල් යන අය මසුන් මැරීම සදහා මුහුදු ගිය නමුත් මෙතෙක් ආපසු පැමිණ නැති බව තොඩුවාව – කුඩා මඩුවැල්ල පදිංචිකාරියක් පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර ඇත. අතුරුදහන්වී ඇති ධීවරයා සොයා ප්‍රදේශයේ ධීවරයින් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

????????????????????????????????????
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article