spot_img
spot_img
Thursday, November 12, 2026
spot_img
spot_img

සිරගත වු පොහොට්ටු මන්ත්‍රී ජගත් සමන්තගේ පුටුව තවමත් හිස් ?

Must read

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයෙකු ලෙස කටයුතු කළ ජගත් සමන්ත පෙරේරා යන අයට හලාවත මහාධිකරණය විසින් සිර දඩුවම් නියම කිරීම නිසා පුරප්පාඩු වී සභික ධූරය සදහා මෙතෙක් කිසිවෙකු නම් කිරීමට එම පක්ෂය කටයුතු කර නැත.

2025 මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කළ ජගත් සමන්ත මහතා පරාජයට පත් විය.නමුත් ඔහුව එම පක්ෂයෙන් සභිකයෙකු ලෙස ලැයිස්තුවෙන් නම් කරන ලදි.

2008 නොවැම්බර් මස 24 වැනිදා ආරච්චිකට්ටුව – කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ ධනසේන සූරසිංහ මහතාට පහර දීමට තැන් කර,ඔහුගේ රාජකාරියට බාධා කළේ යැයි ජගත් සමන්ත මහතාට සහ ඔහුගේ සහෝදරයා වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන අයට එරෙහිව හලාවත මහාධිකරණයේ අධි චෝදනා ගොණු කර තිබුණි.2024 ජනවාරි මස 25 වැනිදා කටුනායක – පෑලියගොඩ අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත පෙරේරා මහතා මිය යාම හේතුවෙන් එම නඩුව ජගත් සමන්ත පෙරේරා යන අයට එරහිව පමණක් කැදවන ලදි.

ඉකුත් මැයි මස 15 වැනිදා එම නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කළ හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමාරච්චි මෙනවිය ජගත් සමන්ත පෙරේරා යන අයව චෝදනාවන්ට වරදකරු කරමින් දඩුවම් නියම කරන ලදි.ඒ අනුව ඔහුට වසර 05 යි මස 06 ක සිර දඩුවමක් නියම වූ අතර,අගතියට පත් හිටපු ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් ධනසේන සූරසිංහ මහතාට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කරන ලදි.එම වන්දි මුදලද නොගෙවන්නේ නම් තවත් මාස 24 ක සිර දඩුවමක්ද ජගත් සමන්ත යන අයට මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කරන ලදි.ඒ අනුව ජගත් සමන්ත පෙරේරා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ තම සිර දඩුවම ගෙවමින් සිටී.

ජගත් සමන්ත පෙරේරාට සිර දඩුවම් නියම වී මාස 06 කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහුගෙන් පුරප්පාඩු වූ සභික ධූරය සදහා වෙනත් අයෙකු නම් කිරීමට ශ්‍රී ලංකා පොදු ජලන පෙරමුණ පක්ෂය මෙතෙක් කටයුතු කර නැත.

මේ අතර,ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ 2027 වසර සදහා වන අය – වැය 13 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව පාලක ජාතික ජන බලවේගය පක්ෂයට සභාපතිවරයා ඇතුළු සභික ධූර 10 ක්ද,විපක්ෂයට සභික ධූර 12 ක්ද හිමි වී ඇත.නමුත් සිර දඩුවම් නියම වී සිටින ජගත් සමන්ත යන අය වෙනුවට වෙනත් සභිකයෙකු මෙතෙක් නම් නොකිරීම නිසා වර්තමානය වන විට විපක්ෂයට හිමි වී ඇත්තේ සභික ධූර 11 ක් පමණි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article