spot_img
spot_img
Thursday, November 19, 2026
spot_img
spot_img

මුහුද රකින්න, නීතිය රකින්න – හලාවතින් නව පියවරක්

Must read

නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් සිදුකරන වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමේ කමිටු පිහිටුවීමේ වැඩසටහනක් පසුගිය 17 වනදා පෙරවරුවේදි හලාවත දී ආරම්භ විය.

මෙහිදී නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම, නව යෝජනා ඉදිරිපත් කිරීම මෙන්ම පවතින නීති සංශෝධනය හා නව නීති හඳුන්වාදීමේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඒ සඳහා දිස්ත්‍රික්කයේ ධීවර සමිති නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ද ලබා ගන්නා ලදී. මෙම වැඩසටහන ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට දෙපාර්තමේන්තුවේ විමර්ශන, පුහුණු හා වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂවරුන්, හලාවත දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහභාගී වි තිබේ.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article