spot_img
Saturday, March 7, 2026
spot_img

කිඹුල්වානාඔය ජලාශය ධීවරයෙකු බිලි ගනී.

Must read

fishersමැල්සිරිපුර, කිඹුල්වාන ඔය ජලාශයෙහි මසුන් ඇල්ලීම සදහා ගිය ධීවරයෙකු එම ජලාශයේ ගිලීම නිසා ඊයේ පස්වරුවේ (22 දා ) ජීවිතක්ෂයට පත් විය.

ඔරුවක නැගී කිඹුල්වානාඔය ජලාශයේ මැදට ගොස් ඇති මෙම පුද්ගලයා එහි දැලක් එළමින් සිටියදී මෙලෙස ජලාශයට ඇද වැටී ඇති බව වාර්තා වෙයි.

දියෙහි ගිලූණු ධීවරයාගේ සිරුර සොයාගැනීම පිණිස ප‍්‍රදේශවාසීන් එක්ව ඊයේ කිඹුල්වාන ඔය ජලාශය දැඩි සෝදිසියට ලක්කළ නමුත් සිරුර සොයාගත නොහැකි විය.

මේ හේතුවෙන් අද උදෑසන එහි පැමිණි නාවික හමුදා කිමිදුම් කරුවන් පිරිසක් විසින් මේ වන විට කිඹුල්වාන ඔය ජලාශයෙහි කිමිදී ධීවරයාගේ මළසිරුර සොයමින් සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article