spot_img
Saturday, March 7, 2026
spot_img

කිඹුල්වානාඔය ජලාශයේ ගිලුණු ධීවරයා සෙවීමේ මෙහෙයුම් නවතී.

Must read

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ බව කියන ධීවරයාගේ සිරුර සොයාගැනීම සදහා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා අද දිනය පුරා එම ජලාශය දැඩි පරීක්ෂාවකට ලක්කළ නමුත් සවස්වනතෙක්ම සිරුර හමුනොවීම නිසා සෙවීම් කටයුතු තාවකාලිකව අත්හැර දමන්නට සිදු විය.

ඊයේ (22 දා ) පස්වරුවේ දියේ ගිලීමෙන් මෙලෙස අතුරුදන් වී පත් වී ඇත්තේ නීරම්මුල්ල, මැණික්පාය ප‍්‍රදේශයේ පදිංචි ආර්. එම්. රණසිංහ නැමැති 65 හැවිරිදි සිව්දරු පියෙකි.

ඊයේ පස්වරු පහට පමණ ඔරුවක නැගී මසුන් ඇල්ලීම සදහා තවත් ධීවරයින් පිරිසක් සමග කිඹුල්වානාඔය ජලාශය මැදට ගොස් ඇති මෙම පුද්ගලයා එහි දැලක් එළමින් සිටියදී මෙලෙස ජලාශයට ඇද වැටී දියේ ගිලී ගිය බව වාර්තා වෙයි. දියෙහි ගිලුණු පුද්ගලයා සොයාගැනීම පිණිස සෙසු ධීවරයින් එක්ව පෙරේදා ඇදිරිවැටෙන තෙක්ම කිඹුල්වානාඔය ජලාශය දැඩි සෝදිසියට ලක්කළ නමුත් සිරුර සොයාගත නොහැකි විය.

මේ හේතුවෙන් අද උදෑසන කල්පිටිය නාවික හමුදා කදවුරේ සිට පැමිණි නාවික හමුදා කිමිදුම්කරුවන් පිරිසක් විසින් කිඹුල්වානාඔය ජලාශයෙහි කිමිදී ධීවරයාගේ මළසිරුර සොයා පැය කිහිපයක් තිස්සේ මෙහෙයුම් දියත් කළ නමුත්අද සවස්වන තුරුම අතුරුදන් වූ ධීවරයාගේ සිරුර සොයාගැනීමට නොහැකි විය.

කිමිදුම්කරුවන් විසින් ගෙනැවිත් තිබූ ඔක්සිජන් ප‍්‍රමාණයද අවසන්වීම නිසා සිරුර සෙවීමේ මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට නාවික හමුදා සෙබළ පිරිස විසින් තීරණය කළ අතර හෙට (24 දා ) දිනයේදී සිරුර සෙවීමේ මෙහෙයුම යළි ආරම්භ කිරීමට නියමිත බව ගොකරැල්ල පොලිසිය කියයි.

kibulwana_death3 kibulwana_death2 kibulwana_death1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article