spot_img
Saturday, March 7, 2026
spot_img

සිගිති දියණියගේ මුහුණ සපා කා දඩුවම් කළ ‘අමුතු’ පියෙක් අත්අඩංගුවට

Must read

child_1
අවුරුදු දෙකයි මාස තුනක් වයසැති තම එකම දියණියගේ මුහුණ සපා කා තුවාල කළ බවට සැකපිට එම දැරියගේම පියා අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලූව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වනාතවිල්ලූව, පරණ එඵවන්කුලම ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි එක් දරු පියෙකි.

සැකකාර පුද්ගලයා මීට වසර දෙකකට පමණ පෙර රැකියාවක් සදහා විදෙස්ගතවී ඇති අතර ඒ වන විට මෙම දියණියට වයස මාස තුනක් වූ බව පැවසේ. සිය සේවා කාලය අවසන් කළ සැකකරු මීට දින කිහිපයකට පෙර ආපසු සිය රට බලා පැමිණ ඇති නමුත් හයක් හතරක් නොතේරෙන සිගිත්තියට මේ තම පියා බව තේරුම් ගැනීමට නොහැකි වීමෙන් සැකකරු විසින් දියණිය සුරතල් කිරීමට හෝ වඩා ගැනීමට සුදානම්වීමේදී ඇය බියට පත් වී හඩා වැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඊයේ ( 19 දා ) දිනයේදීත් මේ ආකාරයටම සිය දියණිය සුරතල් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී දැරිය සැකකරු වෙත නොපැමිණ ඔහු වෙතින් පලායාම පිළිබදව උරණ වූ සැකකරු විසින් දැරිය අල්ලාගෙන ඇගේ මුහුණ සපා කා ඇති අතර කෝටුවකින්ද පහර දී තිබේ. සපාකෑමෙන් සහ කෝටු පහර වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ දැරිය මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටින අතර දරුවාගේ මුහුණේ සහ ශරීරයේ ස්ථාන කිහිපයකම තුවාල කැළැල් දැක ගත හැකිය.

අත් අඩංගුවට ගත් සැකකාර පියා පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වනාතවිල්ලූව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක විමල් වතුලියද්ද මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු

( ඡයාරූපය අන්තර්ජාලයෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article