Thursday, May 2, 2024

පිස්තෝල ඔලුවට තබා මරණ තර්ජන කළ වයඹ සභාපතිගේ ගෝල ඩබල යළි රිමාන්ඩ්.

Must read

polgahawela_pistol_case

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක අනුරාධ හේවගේ මහතාගේ ආධාරකරුවෙකුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරිගේ රියදුරු සහ තවත් අයෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය ඊයේ (10 දා ) නියෝග කළාය.

මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ දියුණුගල් පේඩිගේ මංජුල සරත් සිරිසේන සහ කන්දේවත්තේ ගයාන් කෝසල ජයසිංහ නැමැති අයවලුන්ය. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දරුවන් ඇගැයීම වෙනුවෙන් පොල්ගහවෙල නගර ශාලාවේ ඉකුත් 06 වැනිදා පැවැති උත්සවයක් අතරතුරදී මෙම නඩුවේ පැමිණිලිකරුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජන කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් විත්තිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ. බන්ධනාගාර නිලධාරින් විසින් ඊයේ උදෑසන පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ විත්තිකරුවන් වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා අදාල ගිනි අවිය ස්වයංක‍්‍රීය එකක් නොවන බවත්, එය අර්ධ ස්වයංක‍්‍රීය ගිනි අවියක් වන බැවින් විත්තිකරුවන්ට ඇප නියම කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට විරුද්ධත්වය පළකරමින් පොල්ගහවෙල පොලිසිය ප‍්‍රකාශ කළේ අදාල සිදුවීම පිළිබද විමර්ශණ තවමත් අවසන් වී නොමැති තත්වයක් තුළ විත්තිකරුවන්ට ඇප ලැබුනහොත් ඉදිරි පරීක්ෂණ කටයුතුවටල බාධා සිදුවිය හැකි බවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නම කියැවෙමින් ඇති වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි ද අධිකරණය වෙත ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බැවින් ඒ පිළිබදව සලකා බලා මෙම නඩුව යළි කැදවීම සදහා ආසන්න දිනයක් ලබාදෙන ලෙසට විත්තියේ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිබදව සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුවන් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර, ටිකිරි බණ්ඩා අධිකාරි එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට විත්තියේ නීතිඥවරයා වෙත නියෝග කරමින් නඩු විභාගය එදින දක්වා කල්තැබුවාය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article