Saturday, May 18, 2024

devans-annites එක් දින තරගය සදුදාට කල් යයි.

Must read

623424-breaking-news
ලබන ඉරිදා (13 වැනිදා ) පැවැත්වීමට නියමිතව තිබූ කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා විද්‍යාලයන් අතර එක් දින ක්‍රිකට් තරගය ලබන සදුදා (14 වැනිදා ) දක්වා කල් දැමූ බව තරග සංවිධායකයින් කියයි.

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම අත්ථදස්සී නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එදිනට පැවැත්වීමත්, ඉරිදා දිනය රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස නම්කර තිබීමත් හේතුවෙන් විද්‍යාලයන් දෙකෙහිම එකගත්වය ඇතිව එක් දින ක්‍රිකට් තරගය සදුදා දිනයට කල්දැමූ බවද සංවිධායකයින් වැඩිදුරටත් කියති.

කෙසේවෙතත් විද්‍යාලයන් අතර දෙදින ක්‍රිකට් තරගය අද සහ හෙට දින දෙකෙහිදී සුපුරුදු පරිදි පැවැත්වෙන බවද සංවිධායක මණ්ඩලය කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article