Sunday, May 5, 2024

වෑන් රියේ දැවුණු පිරිස අතර හයක් හතරක් නොදත් දරුවෙකුත් ?

Must read

දංකොටුව, ඉරබඩගම, කොස්හේන ප්‍රදේශයේ පාළු පාරකදී ඝාතනය කර වෑන් රථයක් තුළට දමා ගිනි තබා සිටි පිරිස අතර කුඩා දරුවෙකුගේද මළ සිරුරක්ද ඇති බවට පොලිසිය සැකකරයි.

එම ස්ථානයේ වැටී තිබූ වෑන් රථයේ අංකයෙන් එය කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් වාහනයක් ලෙස මේ වන විට හදුනාගෙන ඇති අතර වාහනය තුල ඇති සිරුරු හඳුනාගත නොහැකි තරමට දැවී අලු වී ඇති බවද පොලිසිය කියයි.

වෑන් රථය ගිනි තබා තිබූ මාර්ගය දෙපස නිවාස කිසිවක් පිහිටා නොමැති අතර එහි දෙපස විශාල පොල්වතු පිහිටා තිබීම නිසා පාළු ස්වභාවයක් උසුලයි. එම මාර්ගයේ මිටර් 500 ක් පමණ දුරට ලේ පැල්ලම් දැකගත හැකි වූ අතර මෙය යම්කිසි සංවිධානාත්මක අපරාධයක් විය හැකි බවට පොලිසිය සැකකරයි.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

ඡායාරූප ස්තුතිය
ප්‍රසාද් පූර්ණිමාල්

dankotuwa_3 dankotuwa_2 dankotuwa_1

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article