මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවී ඇති ක්‍රියා කීපයක් මුල්කොට සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. හලාවත මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ ( 04 ) වැනිදා සාමාන්‍යාධිකාරීවරයාව බන්ධනාගාරගත කරන ලෙස නියම කරන ලදි.
ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් ලෙජර් 04 ක් සැකකාර සාමාන්‍යාධිකාරීවරයා විසින් ඉකුත් 03 වැනිදා රැගෙන ගොස් ඇති බවට එම සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන දුමින්ද ධර්මවංශ සුභසිංහ යන අය විසින් ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිළි කර ඇත.එම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.සාමාන්‍යාධිකාරීවරයා සතුව තිබී අදාල ලෙජර් පොත් 04 ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ පසුගිය පාලන කාලය තුළ මුදල් වංචාවන් කීපයක්ම සිදුවී ඇති බවට ලැබී ඇති පැමිණිළි කීපයක් සම්බන්ධයෙන් හලාවත සහකාර සමුපාකාර කොමසාරිස් කාර්යාලය විසින් මේ වන විට විමර්ශණයක්ද ආරම්භ කර ඇත.







