spot_img
Saturday, March 7, 2026
spot_img

කොරෝනා නිසා හලාවත සහ මාරවිල කාන්තාවන් දෙදෙනෙකු මියයයි

Must read

kovid

කොවිඩ් වෛසරය ආසාධනය වීම හේතුවෙන් මාරවිල සහ හලාවත ප්‍රදේශ වල කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය 06 වැනිදා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාරවිල මූලික රෝහලට  ඇතුළත් කර ඇති අතර එක් කාන්තාවක් මිය ගොස් ඇත.ඇයගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් 07 වැනිදා සිදු කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව කොවිඩ් ආසාධිත තැනැත්තියක බවය. 73 හැවිරිදි එම කාන්තාව මාරවිල – කුරුස පල්ලිය ප්‍රදේශයේ පදිංචි කාරියකි.

මේ අතර,හලාවත – මැදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  කාන්තාවක් පසුගිය 07 වැනිදා රාත්‍රී 10.00 ට පමණ තම නිවසේදී මිය ගොස් ඇත.

62 හැවිරිදි එම කාන්තාවගේ ජෛව පටස සාම්පල පරීක්ෂණයක් 08 වැනිදා හලාවත මහා රෝහලේදී සිදු කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාවද කොවිඩ් ආසාධිත තැනැත්තියක බවය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article