spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

දරුවාත් මරාගෙන මැරෙන්න ගිය යක්ෂ අම්මණ්ඩියෙක් !

Must read

suisideතුන් හැවිරිදි තම සිගිති දියණියද බඩේ බැදගෙන ළිදකට පැන දිවිනසාගැනීමට තැත්කළ බව කියන දීගල්ල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් ප‍්‍රදේශවාසීන් විසින් බේරාගැනීමෙන් අනතුරුව පොලිසියට භාර දී තිබේ.

ප්‍රදේශවාසීන්ගේ දැඩි විමසිලිමත් බව හේතුවෙන් මෙලෙස ජීවිතය රැකුණේ අවුරුදු තුනයි, මාස 4 ක් වයසැති කිරිකැටි දියණියකගේය . මෙම සිගිත්තියද සමග මරාගෙන මැරීමට ගිය ඇගේ මව බව කියන දීගල්ල, එලතලව ප‍්‍රදේශයේ පදිංචි බී. ඒ. චන්ද්‍රලතා නැමැති කාන්තාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදෙනු ලැබූහ.

තම සැමියා සමග ඇතිකරගත් ආරවුලක් මත ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මෙලෙස තම දියණියද මරාගෙන තමනුත් දිවි හානිකරගැනීමට තීරණය කළ බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පා‍පොච්චාරණය කර තිබේ.

මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාව යටතේ බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ මෙම කාන්තාව ලබන 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කළේය. ඇය විසින් ඝාතනය කිරීමට තැත්කළ සිගිති දැරිය ඇගේ පියා වෙත භාරදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී වැඩිදුරටත් නියම කළේය.

කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article