බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව අපහරණය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු අපහරණයට ලක්ව ඇති දැරිවියකගේ සීයා කෙනෙකු බවද වාර්තාවේ.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඩිගම – වැටියගල්වල පදිංචි 52 හැවිරිදි අයෙකු සහ හලාවත – විල්පත පදිංචි 34 හැවිරිදි අයෙකුවය.
සීයා විසින් අතවර කර ඇත්තේ වයස අවුරුදු 04 යි මාස 07 ක් වන බාල වයස්කාර දැරිවියකටය.දැරිවියගේ මව රැකියාවක් සදහා මීට මාස කීපයකය පෙර විදේශ ගත වී ඇත.දැරිවිය නිවසේ සිට ඇත්තේ තම පියා සමගය.දැරිවිය පෙර පාසල් ගොස් පැමිණ නිවසේ සිටින විට පැමිණ ඇති සීයා ඇයට අතවර කර ඇත. පසුව දැරිවිය මේ බව තම පියාට පවසා ඇත.අනතුරුව පියා විසින් දැරිවිය නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් අනතුරුව දින 02 ක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.රෝහලේ සිට නිවසට පැමිණ ඇති දැරිවිය තමන්ට සිදුවූ අතවරය පෙර පාසලේ ගුරුතුමිය සමග පවසා ඇත.ගුරුතුමිය විසින් මේ බව දුරකතනය මගින් පල්ලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.අනතුරුව දැරිවිය සහ ඇයගේ පියාව කැදවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව 52 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
මේ අතර,වයස අවුරුදු 14 යි මාස 05 ක් වන බාල වයස්කාර දැරිවියකට ලිංගික අතර කළ බව කියන 34 හැවිරිදි අයෙකුවද පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්ව ඇති දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින අතර,පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිටින බැවින් ඇය තම මිත්තණිය බාරයේ සිට ඇත.ඉකුත් 28 වැනිදා මිත්තණිය දැරිවිය අධ්‍යාපනය ලබන පාසලේ පැවැත්වෙන උත්සවයක් සදහා ගොස් ඇත.එම අවස්ථාවේදී හරක් බැදීම සදහා පැමිණ ඇති සැකකරු බුලත් විට තිබෙනවා දැයි විමසමින් දැරිවියගේ නිවසට පැමිණ ඇයට අතවර කර ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
දැරිවියගේ මිත්තණිය විසින් මේ බව පොලීසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අපහරණයට ලක්ව ඇති දැරිවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයන් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.
සැකකරුවන් දෙදෙනා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජුඩ් සමන්ත







