spot_img
spot_img
Wednesday, September 16, 2026
spot_img
spot_img

නාමල් යළිත් රිමාන්ඩ්

Must read

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට වන චෝදනාවලට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළඹෙන සැප්තැම්බර් 23 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කකර තිබේ.

අදාළ නඩු කටයුත්ත සඳහා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ අද දිනයේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම නියෝගය ලබා දී තිබේ.

එමෙන්ම, සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, මෙම නඩු වාරයේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිට ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිට තිබේ.

whatnews.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article