spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පරිඝනක අපරාධ වලට සම්බන්ධ 150ක් හලාවතදී අත්අඩංගුවට

Must read

හලාවත – අඹකදවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150 දෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (02) වැනිදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති විදේශීය ජාතිකයින් අතර චීන ජාතික පිරිමි 129 ක්,කාන්තාවන් 06 ක්,වියට්නාම ජාතික පිරිමි 10 ක්,කාන්තාවන් 03 ක්, තායිවාන් ජාතික කාන්තාවක් සහ මැලේසියාණු ජාතික පිරිමි අයෙකුද වේ.

අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී ඩෙක්ස්ටොප් පරිඝනක 99 ක්,ලැප්ටොප් 26 ක්,ජංගම දුරකතන 259 ක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

මාසයකට පමරණ පෙර මෙම විදේශ ජාතිකයින් හලාවත – අඹකදවිල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයට පැමිණ ලැගුම් ගෙන ඇත.ඔවුන් සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අපරාධ විමර්ශණ අංශයේ පරිඝනක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.

මෙම පිරිස හෝටලයේ රැදී සිටිමින් පරිඝනක අපරාධ සිදු කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස හෝටලය තුළ රදවාගෙන ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article