spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ප්‍රා.ලේකම්වරයෙකුට පහරදීමට එරෙහිව ජගත් සමන්තට වසර 5 ක සිරදඩුවම්

Must read

ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මන්ත්‍ර්‍රී ( ශ්‍රී.ල.පො.පෙ.) ජගත් සමන්ත මහතාට අද හලාවත මහාඅධිකරණය විසින් වසර 05 ½ ක සිර දඩුවම් නියම කරන ලදී. මෙම සිර දඩුවම ලබාදෙන ලද්දේ 2008-11-24 වනදින ආරච්චිකට්ටුව ප්‍රා.ලේකම් ධනසේන සූරසිංහ මහතාගේ රාජකාරි අවස්ථාවකදි ඔහුට බැන වැදී පහරදීම සහ රාජකාරියට බාධාකිරීම හේතුකොටගෙනය. ජගත් සමන්ත මන්ත්‍රිවරයා අභාවප්‍රාප්ත , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා ද වේ. පා.මන්ත්‍රී සනත් නිසාන්ත මහතා ද මෙම නඩුවේ චූදිතයෙකි.


මෙම චෝදනා වලට එරෙහිව නඩු අංක 36/2017 යටතේ හලාවත මහාධිකරණයේ විභාග ⁣වෙමින් පැවති නඩුව 2026.05.15 වන අද දින කැඳවූ අවස්ථාවේදී ජගත් සමන්ත පෙරේරා මහතාට ගරු මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය විසින් වසර 05 ½ ක සිර දඩුවම් නියම කර ඇත. ඊට අමතරව රු. ලක්ෂ 10 ක මුදලක් ඉහත සඳහන් ප්‍රා.ලේකම්වරයා වෙත ගෙවන ලෙසටද නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article