වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි වැට නඩත්තු ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටි අයෙකු වන අලි ප්රහාරයකින් මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ එළුවන්කුළම – ගඟේ වාඩිය පදිංචිව සිටි වර්ණකුළසූරියගේ අමිල සුදේෂ් කුමාර ( අවූ:32) නම් අයෙකි.
10 වෙනිදා අළුයම වනාතවිල්ලුව – මයිලන්කුලම ප්රදේශයේ අලි එලවීමේ මුර පොල ආසන්නයේදී මෙම අය වන අලි ප්රහාරයකට ලක්වී ඇත. වන අලි ප්රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි වන ජීවී නිලධාරියා ප්රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත. ප්රතිකාර ලබමින් සිටින අතර තුර 10 වෙනිදා දහවල් 11.00 ට පමණ ඔහු මිය ගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්මට නියමිතව ඇත.







