spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

යාපනයේ කඩේට පෙට‍්‍රල් බෝම්බ ගහපු පහක් අල්ලයි.

Must read

jaffna_attackයාපනය, නල්ලූර්, අරසඩි වීදියේ පිහිටි වෙළදසැළකට පෙට‍්‍රල් බෝම්බ ගසා දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණවලදී හෙළි වූ කරුණූ මත මෙම පුද්ගලයින් පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් සතුව තිබී කඩු 04 ක්, කෙටෙරියක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01 ) යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

ඉකුත් 30 වැනිදා රාත්‍රියේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම වෙළදසැලට පහරදී පෙට‍්‍රල් බෝම්බ ගැසීම හේතුවෙන් තුවාල ලැබූවන් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

වවුනියාව – මාධව කුලසූරිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article