වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් සෙන්දිරියාමුල්ල කොම්පෝස්ට් අංගනය සදහා අත්‍යාවශ්‍ය ව තිබු ස්කිඩ් ලෝඩර් යන්ත්‍රයක් මේ වනවිට ලැබී ඇත. මේ වනවිට වෙන්න්පුව ප්‍රා.සභා බල ප්‍රෙද්ශය තුළ රැස්කෙරෙන දිරන හා නොදිරන අපද්‍රව්‍ය කළමණාකරනය කිරීම විශාල කර්තව්යයක්ව තිබෙන අතර , නොවිදිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම තවමත් නොවසිදී ඇති ගැටලුවකි. කෙසේ වුවත් මෙම ස්කිඩ් ලෝඩර් යන්ත්‍රය කොම්පෝස්ට් අංගනයේ සිදුකෙරෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ ඉලක්කය සාර්ථක කරනු ඇත.








