Wednesday, May 8, 2024

වැල්ලව සහ ගොකරැල්ලේ බර අඩු කරමින් කුඹුක්ගැටේදී අලුත් පොලිසියක් ඇරෙයි.

Must read

kumbuk_police_0ශ‍්‍රී ලංකා පොලිසියේ 458 වැනි පොලිස් ස්ථානය ලෙස කුඹුක්ගැටේ පොලිස් ස්ථානය, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අතින් ඊයේ (16 දා) විවෘත කෙරිණි.

ඒ අනුව කුඹුක්ගැටේ නව පොලිස් ස්ථානයෙන් ඉබ්බාගමුව සහ ගනේවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යටතේ පිහිටි ග‍්‍රාමසේවා වසම් 37 ක් වෙත සේවාවන් සැපයීමට නියමිතය. මෙතෙක් කාලයක් ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශය යටතේ පැවැති ග‍්‍රාමසේවා වසම් 30 ක් සහ වැල්ලව පොලිස් බල ප්‍රදේශය යටතේ පැවැති ග‍්‍රාමසේවා වසම් 07 ක් එම බල ප්‍රදේශවලින් ඉවත්කරමින් කුඹුක්ගැටේ නව පොලිස් බල ප්‍රදේශය නිර්මාණය කර තිබේ.

කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ පළමු ස්ථානාධිපතිවරයා ලෙස පත්වීම් ලබා සිටින්නේ පොලිස් පරීක්ෂක ජයන්ත ගමගේ මහතාය.

කුඹුක්ගැටේ පොලිසියේ නාම පුවරුව විවෘතකිරීමෙන් පසුව සම්ප්‍රදායානුකූල පොලිස් සම්මාන ආචාර පෙළපාලියක්ද පොලිස්පතිවරයා වෙත පිරිනමනු ලැබීය. සර්ව ආගමික වතාවත්වලින් පසුව සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය විවෘත කිරීමෙන් පසුව ස්ථානාධිපති නිල කාමරයේදී පොලිස්පතිවරයා විසින් නව පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතුද ආරම්භ කළේය.

2016 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ තුන් වැනි ස්ථානය දිනාගත් ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ එම්. එම්. නෙත්මි සුබෝධිනී සිසුවියට තිළිණ පිරිනැමීමක්ද පොලිස්පතිවරයාගේ අතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේ ඇතුලු ආගමික නායකයින් පිරිසක්, වයඹ සහ උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජන්ත සමරකෝන්, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්වරුන් ඇතුලූ උසස් පොලිස් නිලධාරින්, හිරියාල ශ්‍රීලනිප සංවිධායක වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා , රාජ්‍ය නිලධාරිහු සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

කුඹුක්ගැටේ පොලිස් ස්ථානය විවෘතකිරීමේ උත්සවයේ විශේෂ අවස්ථා දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප පහත දැක්වෙයි.kumbuk_police_3 kumbuk_police_4 kumbuk_police_1 kumbuk_police_5 kumbuk_police_6 kumbuk_police_7 kumbuk_police_8 kumbuk_police_9 kumbuk_police_10 kumbuk_police_11 kumbuk_police_2 kumbuk_police_12 kumbuk_police_13 kumbuk_police_14 kumbuk_police_15 kumbuk_police_16 kumbuk_police_17 kumbuk_police_18 kumbuk_police_19 kumbuk_police_20 kumbuk_police_21 kumbuk_police_22 kumbuk_police_23 kumbuk_police_24 kumbuk_police_25

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article