Friday, May 3, 2024

මාරවිල නගරයේ අලුත් කාණු හැදිල්ල අනාරක්ෂිතයි, අනතුරු රැසක්

Must read

          
                පුත්තලම් දිස්ත්‍රික්කයේ මාරවිල  නගරයේ කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ ,මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නව කානු පද්ධතියක් මේ වන විට ඉදිකරමින්  පවතී. වර්ෂා කාලවලදී  නගරයේ එකතුවන වැසි ජලය සහ අප ජලය විධිමත්ව බැස යාම සඳහා මෙලෙස මෙම නව කානු පද්ධතිය සකසා ඇති බව වාර්තා වුනි.  දැනට මසක පමණ කාලයක සිට මාරවිල  නගරයේ මෙම නව කානු පද්ධතිය ඉදි කරගෙන යන අතර මේ වන විට සමහර ස්ථානවල කානු පද්ධතිය සම්පූර්ණයෙන්ම සකසා ඇත.එහෙත් කානුමාර්ගය වැසෙන සේ කොන්ක්‍රීට් ආවරණ යොදා නිසි ලෙස  කානුමාර්ගය නොවසා ඇති නිසා  මේ වන විට නගරයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතු වී තිබෙනු දක්නට ලැබේ . එලෙසම සමහර තැන්වල කානුමාර්ගය  තවමත් නිසි ලෙස කොන්ක්‍රීට් හෝ යොදා නොතිබීම නිසා , සුළු වැස්සකදී පවා කානු ආශ්‍රිතව වැසි ජලය බොහෝ ප්‍රමාණයක් එකතු වී ඇති ආකාරය දැකගත හැකිය. එම එකතු වූ වැසි ජලය කානුමාර්ගය මතුපටටත් උඩින්  එකතු වී ඇති අතර එම ආවරණ රහිත කානුවලට වැටී අනතුරු සිදුවීම්ද පසුගිය දින දෙක තුන තුළ වාර්තා  වී තිබිණි. මේ අනුව ආසන්නතම සිදුවීම වාර්තා වූයේ ඊයේ එනම් 21/04/2024  දින රාත්‍රීයේදිය. ඊයේ සහ පෙරේදා නගරය ආශ්‍රිතව ඇදහැලුණු වර්ෂාව නිසා මෙලෙස කානු ඉතිරී ගොස් ජලය එකතු වූ  , කොන්ක්‍රීට් ආවරණ නොමැති කානුවක වැටී තල්විල ප්‍රදේශයේ සිට පාපැදියකින් පැමිණි තරුණියන් දෙදෙනෙකුට අනතුරක් සිදුවී තුවාල ලබා තිබිණි . 
     එලෙසම අද (22/04/2024) උදෑසනදීද කොන්ක්‍රීට් ආවරණ නොමැති ස්ථානයකදී  ජලය පිරී තිබුණු කාණුවකට ත්‍රී රෝද රථයක් වැටී,  ත්‍රී රෝද රථයේ ඉදිරිපසට දැඩි ලෙස හානි සිදු වී ඇති ආකාරය දක්නට ලැබිණ.
              ඒ අනුව  මාරවිල  වැනි දියුණුවන සහ නවීකරණය වන නගරයකට මෙවැනි , නගරයම ආවරණය වන පරිදි නව කානු පද්ධතියක් ස්ථාපිත කිරීම ඉතා යහපත් කාර්යයකි. එහෙත්  එය විධිමත්භාවයකින් යුතුව කළ යුතුව ඇත .එනමි කානු පද්ධතිය තැනින් තැන ඉදිකරනවා වෙනුවට යම් ක්‍රමවේදයකට අනුව එය ඉදිකිරීම සහ ඉදිකළ පසු කඩිනමින් කානු මාර්ගය මත ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණ  යොදා කානු මාර්ගය ආවරණය කළ යුතුව ඇත. එසේ නොවුනහොත් මෙවැනි අනතුරු බහුලව සිදුවිය හැක. එලෙසම එවැනි තත්ත්වයක් තුළ  නගරයේ අනාරක්ෂිත බව  ද   මෙයට වඩා තීව්‍ර වනු  ඇත.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article