Friday, May 3, 2024

Must read

දකුණේ ආණ්ඩුකාර විලී අස්වේ: වයඹත් වෙනසක්!

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව සඳහන්.

පසුගිය අප්‍රේල් මස 08 වැනිදා යොමු කර ඇති අදාළ ලිපියෙහි දක්වා ඇත්තේ, මැයි මස 02 වැනිදා සිට බලාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉවත් වන බවයි.ඉන් අනතුරුව විශ්‍රාම සුවෙන් ගත කිරීමට ඔහු තීරණය කර ඇති බව සඳහන්.

විලී ගමගේ මහතාගෙන් පුරප්පාඩු වන ධුරය සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කෙරෙනු ඇති.ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුවයි.

වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඩ් මහතාගේ නම යෝජනා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.එමෙන් ම එම ධුරය සඳහා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ දේශපාලනඥයකුගේ බිරිඳ වන චමරි පෙරේරා මහත්මියගේ නම ද ඒ අතර වන බව සඳහන්.

ඉදිරි සති කිහිපය තුළ මෙම තනතුරු වෙනස් වීම සිදු වනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
inforsrilanka.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article