Tuesday, May 21, 2024

වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට ගැනීමට වරෙන්තු.

Must read

kaml indikaඅඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුව අද කැද වු අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකාර වයඹ පළාත් සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය අද විවෘත වරෙන්තු නිකුත් කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත්කළේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුඵ පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද යළි කැද වූ අවස්ථාවේදීය.

විත්තිකාර දොන් කමල් ඉන්දික මහතා අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි නමුත් මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටින තිදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. කමල් ඉන්දික මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ද විත්තිකාර මන්ත‍්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුනොකිරීමද විශේෂත්වයක් විය.

අගතියට පත් කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා අද දිනයේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැදවා අඵත් පරපුර කලාකරුවන්ගෙන් කරන සමාව අයැදීමක් මගින් අදාළ නඩුව සමථයකට පත්කරගැනීම සදහා පෙර නඩු දිනයේදී මන්ත‍්‍රීවරයා විසින් කළ ඉල්ලීමකට අනුව පැමිණිලි පාර්ශවය ඊට එකගත්වය පළකර සිටි බව පැවසීය. නමුත් විත්තිකාර මන්ත‍්‍රීවරයා විසින් පසුගිය දිනෙක පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවකදී තමා අතින් වරදක් වී නැති බවත්, එබැවින් කලාකරුවන්ගෙන් සමාව ගැනීමට සූදානම් නැති බවටත් ප‍්‍රකාශ කර ඇති බැවින් අදාළ එකගත්වයෙන් ඉවත්වීම සදහා පැමිණිලි පාර්ශ්වය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවද පැවසීය. අදාළ ප‍්‍රකාශය සනාථ කිරීම පිණිස එහිදී නීතිඥ සුසන්ත දොඩාවත්ත විසින් අදාළ පුවත්පත් වාර්තාවද අධිකරණය වෙත ඉදිරිපත්කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නීතිඥවරයා මෙම නඩුවේ සාක්ෂි වශයෙන් මෙතෙක් ඇතුළත් කර නොමැති අදාළ ප‍්‍රහාරය අවස්ථාවේ ලබාගත් ඡායාරූප හා වීඩියෝ දර්ශන නඩුවේ සාක්ෂි වශයෙන් ඇතුළත් කිරීම සදහා පොලිසිය වෙත ලබාදීමට අවසර ලබාදෙන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර ලබා දුන් මහේස්ත‍්‍රාත්වරිය අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඒවා ලබාගත් අයවඵන්ගේ ප‍්‍රකාශයන්ද සමග පොලිසිය වෙත ලබාදෙන ලෙස නියෝග කළ අතර, මේ පිළිබද නඩු විභාගය පැවැත්වීම ජනවාරි මස 28 වැනිදාට කල්තැබුවාය.

මෙම නඩුවේ පැමිණිලිකරුවන් ලෙස නම්කර සිටින ප‍්‍රවීන කලාකරු ලක්ෂ්මන් විජේසේකර සහ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මෙනවිය අද කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ සිටියහ. kamal_warrent1 kamal_warrent2 kamal_warrent3 kamal_warrent4 kamal_warrent5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article