පාසල් සිසුවෙකු ඊයේ (07) වනදා සවස 6.00 ට පමණ මාරවිල මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුවී ගසා ගෙන ගොස් මිය ගොස් ඇත. මෙම අනතුරට ඔහු මුහුණ දී ඇත්තේ මිතුරන් පිරිසක් සමග මුහුදේ දිය නාමින් සිටියදී බව වාර්තා වේ. මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය – අක්කර 80 පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරියගේ මළිදු ධනංජය (අවු:16) නම්වූ තරුණයෙකි.එම තරුණයා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටින අයෙකි.
සිරුර මාරවිල මූලික රෝහලේ තැම්පත් කර ඇති අතර,පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.







