පසුගිය 06 වනදා පාසල් සිසුවෙකු විසින් තවත් සිසුවෙකුව පේපර් කටරයකින් කපා තුවාල සිදු කිරීමේ සිද්ධියක් දංකොටුව ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ ඇත.මෙම සිදුවීම පාසල තුළදී සිදුවී ඇත.
කැපුම් තුවාල සිදුවීම හේතුවෙන් දංකොටුව – මාවතගම පදිංචිකරුවෙකු වන කේ.කවිදු නිම්සර (අවු:16) සිසුවා ප්‍රතිකාර සදහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලබා ඇති සිසුවා සහ සිද්ධියට සම්බන්ධ අනෙක් සිසුවා දංකොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක එකම පන්තියේ ඉගෙණුම ලබමින් සිටී.මෙම සිසුන් දෙදෙනා අතර නිතර පාසලේදී ආරවුල් සිදුවී ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.06 වැනිදා දහවල් කාලයේදී පාසල තුළදී සිසුන් දෙදෙනා අතර ආරවුලක් හට ගෙන ඇත.එම අවස්ථාවේදී එක් සිසුවෙකු විසින් අනෙක් සිසුවාගේ අතක් පේපර් කටරයකින් කපා තුවාල සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.








