spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

සිසුන් දෙදෙනාගේ ආරවුල දුරදිග ගොස් අතක් පේපර් කටරයකින් කපලා

Must read


පසුගිය 06 වනදා පාසල් සිසුවෙකු විසින් තවත් සිසුවෙකුව පේපර් කටරයකින් කපා තුවාල සිදු කිරීමේ සිද්ධියක් දංකොටුව ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ ඇත.මෙම සිදුවීම පාසල තුළදී සිදුවී ඇත.
කැපුම් තුවාල සිදුවීම හේතුවෙන් දංකොටුව – මාවතගම පදිංචිකරුවෙකු වන කේ.කවිදු නිම්සර (අවු:16) සිසුවා ප්‍රතිකාර සදහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලබා ඇති සිසුවා සහ සිද්ධියට සම්බන්ධ අනෙක් සිසුවා දංකොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක එකම පන්තියේ ඉගෙණුම ලබමින් සිටී.මෙම සිසුන් දෙදෙනා අතර නිතර පාසලේදී ආරවුල් සිදුවී ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.06 වැනිදා දහවල් කාලයේදී පාසල තුළදී සිසුන් දෙදෙනා අතර ආරවුලක් හට ගෙන ඇත.එම අවස්ථාවේදී එක් සිසුවෙකු විසින් අනෙක් සිසුවාගේ අතක් පේපර් කටරයකින් කපා තුවාල සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article