spot_img
spot_img
Wednesday, November 11, 2026
spot_img
spot_img

කුඩු බෙදා හරින මධ්‍යස්ථානයක් වී ඇති ආණමඩුව – කොට්ටුකච්චිය

Must read

ආණමඩුව – කොට්ටුකච්චිය මහවැව ආසන්න ප්‍රදේශය මහා පරිමාණ මට්ටමින් මත් කුඩු බෙදා හරින අතරමැදි කලාපයක් බවට පත්ව ඇති නමුත් වගකිව යුත් අංශ ඒ පිළිබදව අවධානයක් යොමු කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

පිටස්තර ප්‍රදේශ වලින් මත් කුඩු ගෙන එන පිරිසක් තම ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානය ලෙස තෝරා ගෙන ඇත්තේ කොට්ටුකච්චිය මහවැව ආසන්න පාළු ස්ථාන වල බවද ඔවුන් කියා සිටී.සුඛෝපභෝගී වාහන වලින් පැමිනෙන ඔවුන් ඇතැම් විට දිය නෑම සහ වෙනත් විනෝද කටයුතු වල නිරත වෙමින් සිට අවසානයේ තම ජාවාරම සිදු කරන බවද කොට්ටුකච්චිය ගම්වාසීන් සදහන් කරයි.

පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ඒ ආකාරයටම මත් කුඩු තොගයක් ගෙනවිත් කොට්ටුකච්චිය මහවැවේ වැව් බැම්ම මතදී හුවමාරු කර ගැනීමේ සුදානමක් ක්‍රියාත්ම ක වී ඇත.මේ බව දැක ඇති වැවේ ධීවර කටයුතු සිදු කරණ ගම්වැසියෙකු ඒ බව ආණමඩුව පොලීසිය දැණුවත් කිරීමට කටයුතු කර ඇත. තොරතුර ලබා දී පැය 03 කට ආසන්න කාලයක් ගත වූවත් කිලෝ මීටර් 09 ක් පමණ දුරකින් ඇති පොලීසියේ කිසිදු නිලධාරියෙකු අදාල ස්ථානයට පැමිණ නොමැති බව ජනමතය සුරැකීමේ යුක්තිය හඩ සංවිධානය සදහන් කරයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිළි කිරීමටද කටයුතු කළ බව ජනමතය සුරැකීමේ යුක්තිය හඩ සංවිධානය සදහන් කරයි.

මහා පරිමාණයේ ගෙන විත් ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවෙකු වෙත ලබා දෙන මත් කුඩු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ ආකාරයට මැලිකමක් දැක්වීම ගැටළුවක් බවද එම සංවිධානය මහජන ආරක්ෂක ඇමතිවරයා වෙත යවා ඇති ලිපියක සදහන් වේ.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article