මසුන් මැරිම සදහා යොදා නොගන්නා ලෙස රජය විසින් තහනම් කර ඇති තංගුස් දැල් තොගයක් සන්තයේ තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකුව පුත්තලම දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ සහ ජල ජීවී වගා සංවර්ධන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම ඉයේ (02) වනදා පුත්තලම – තබ්බෝවේදී මෙම වැටලීම සිදු කර ඇත.
මෙහිදී සැකකරු සන්තකයේ තිබී කිලෝ ග්‍රෑම් 20 ක් වන තංගුස් භාවිතා කරමින් නිෂ්පාදනය කරන ලද දැල් තොගයක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.සැකකරු තබ්බෝව සහ අවට ජලාශ වලට තංගුස් වලින් දැල් නිෂ්පාදනය කර අලවි කළ අයෙකු බවට හදුනා ගෙන ඇත.
03 වැනිදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් සැකකරුව ඇප මත මුදා හැර ඇත.
පුත්තලම දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ජල ජීවී වගා සංවර්ධන ව්‍යාප්ති නිලධාරී ජේ.එන්.අතපත්තු මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.







