දිවයින පුරා සියළුම සංවර්ධන නිලධාරීන් 09 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවක වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවක වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ගීතානන්ද තිලකරත්න මහතා මෙසේද කියා සිටියේය.
වත්මන් රජය බලයට පත් කිරීම සදහා දිවයින පුරා සිටින පලාත් සහ මධ්‍යම රජයට අනියුක්ත සංවර්ධන නිලධාරීන් දැඩි කැපවීමකින් කටයුතු කර තිබෙනවා.සංවර්ධන නිලධාරීන් ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්න් විධිමත් සේවා ව්‍යවස්ථාවක් සකස් කරන ලෙසයි.එවිට සංවර්ධන නිලධාරීන්ට ලැබිය යුතු උසස් වීම් සහ වැටුප් තල සකස් කිරීමේ හැකියාව තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමගත් මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.නමුත් කිසිදු සාධනීය පිළිතුරක් මෙතෙක් ලැබී නැහැ.
එමෙන්ම කලක් සංවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතුු කළ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන රජයේ මන්ත්‍රීවරයෙකු මේ සියළුම කටයුතු කඩාකප්පල් කරන බවයි දකින්න තිබෙන්නේ.ඒ නිසා අපි එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන්න තීරණය කලා.රජය සංවර්ධන නිලධාරීන් ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මීට වඩා දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට අප අදහස් කර තිබෙනවා.







