spot_img
spot_img
Monday, August 3, 2026
spot_img
spot_img

දිවි ගලවා ගත් ධිවරයාගේ සුවදුක් විමසන්න අජිත් ගිහාන් කොළඹ යයි.

Must read

බෝට්ටුව පෙරලී මුහුදට වැටුන ධීවරයින්ගෙන් එක් අයෙකු පිහිනා විත් ජීවිතය බේරාගනියි

පසුගිය 31 වනදා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් එක් ධීවරයෙකු මිය ගොස් ඇති අතර,අනෙක් ධීවරයා පිහිනා විත් ජීවිතය බේරා ගෙන ඇත. මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ
හලාවත – ඉරණවිල පදිංචිකරුවෙකු වන චාමික මධුෂාන් නම් අයෙකි.දිවි බේරා ගෙන ඇති ඉරණවිල පදිංචිකරුවෙකු වන චාමර රොෂාන් යන අය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
එදින රාත්‍රී කාලයේ මෙම ධීවරයින් දෙදෙනා මසුන් මැරීම සදහා හලාවත – තොඩුවාව මෝය ආසන්නයෙන් මුහුදු ගොස් ඇත.ගැඹුරු මුහුදේ මසුන් මරමින් සිටියදී ඔවුන්ගේ බෝට්ටුව පෙරළී අනතුරට පත්ව ඇත.
ජීවිතය බේරා ගත් ධීවරයා සැතපුම් ගනනක් පීනා විත් ගොඩබිමට පැමිණ ඇත.අනෙක් ධීවරයාගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.
රෝහල් ගත කර ඇති ධීවරයාගේ සුව දුක් බැලීම සදහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතාද පසුගිය 02 වැනිදා කොළඹ ජාතික රෝහලට ගොස් තිබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article