spot_img
spot_img
Wednesday, September 16, 2026
spot_img
spot_img

පිරිපහදු කළ තෙල් වල මිල පහළ යාම නිසා දේශීය පොල් තෙල් අලවි කිරීමට නොහැකි තත්ත්වයක්

Must read

ආහාරයට ගන්නා ආනයනික පිරිපහදු කළ තෙල් වර්ග වල මිල පහළ යාම නිසා දේශීය පොල් තෙල් අලවි කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.

දේශීය පොල් තෙල් කිලෝ ග්‍රෑම් 01 ක් අලවි කරණු ලබන්නේ රුපියල් 850 සිට ඉහළ මිලකටය.නමුත්ආනයනය කරන නැසෝලා,සූරිය කාන්ත,සෝයා සහ ෆාම් ඔයිල් කිලෝ ග්‍රෑම් 01 ක සාමාන්‍ය වෙළද පල මිල රුපියල් 750 ත් 800 ත් අතර වන බව ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.මෙම තත්ත්වය නිසා පොල් තෙල් වෙනුවට පාරිභෝගකයින් බහුතරයක් ආනයනය කරන ලද පිරිපහදු තෙල් වර්ග පාවිච්චි කිරීමට පටන් ගෙන ඇති බවද ව්‍යාපාරිකයින් සදහන් කරයි.

දේශීය වෙළද පළ තුළ වර්තමානයේ පොල් ගෙඩියක් රුපියල් 120 ක මුදලකට අලවි වේ.පොල් වගාවන් පවත්වා ගෙන යාම සදහා පොහොර,කම්කරු කුලී ඇතුළු නඩත්තු වැය ඉහළ ගොස් ඇති බැවින් රුපියල් 120 කට වඩා අඩු මිලකට පොල් අලවි කළ නොහැකි බව වගා කරුවන් සදහන් කරයි.

එමෙන්ම පොල් තෙල් අපනයනයද මේ වන විට සීඝ්‍ර ලෙස කඩා වැටී ඇති බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.මෙරටට භාණ්ඩ අපනයනය අඩු වී තිබීම හේතුවෙන් නැව් ගාස්තුද ඉහළ ගොස් ඇති බව ඔවුන් සදහන් කරයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article