වෙසක් පොහොය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික්කය පුරා පැවති දන්සැල් පරීක්ෂා කිරීම පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලදි. පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිමුත් පොන්වීර මහතාගේ මූලිකත්වයෙන් කණ්ඩායම් දෙකක් දිස්ත්‍රික්කය පුරා සංචාරය කරමින් දන්සැල් පරීක්ෂා කිරීම සහ උපදෙස් ලබා දීම සිදු කරන ලදි.
මේ අතර දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද තම තමන්ගේ රාජකාරි බල ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය දන්සැල් පරීක්ෂා කිරීමත්,පැවැත්වීමට නියමිත දන්සැල් සංවිධායකයින්ට උපදෙස් ලබා දීමත් සිදු කරන ලදි.
දන්සැල් පවත්වා අවසාන වීමෙන් අනතුරුව විධිමත් ආකාරයට කැළි කසල බැහැර කළ යුතු බවත්,එසේ නොවුවහොත් වැසි සමග ඩෙංගු රෝගය පැතිර යාමේ තර්ජනය වැඩි විය හැකි බව හලාවත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා කියා සිටියේය.
පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් පරීක්ෂා කරන ආකාරය
ඡායාරූප – ජූඩ් සමන්ත










