කටුනේරිය බ්ලූම්ස් සිංහ සමාජය මගින් අදියර 12 යටතේ ක්‍රියාත්මක කරන “මිනිසාගේ හොඳම මිතුරා” යන ව්‍යාපෘතියේ පළමු අදියරය 2025 ජූලි 31 දින සාර්ථකව අවසන් කරන ලදී. මෙම ව්යාපෘතිය තුලින් වෙන්නප්පුව, කටුනේරිය අවට සැරි සරන සුනඛයන් ආසන්න වශයෙන් 100ට පමණ නිසි ප්රතිකාර සහ ආහාර ලබාදීම මාස පතා සිදුකරයි. මෙම ව්යාපෘතිය මගින් සත්ව සුබසාධනය පිළිබඳ අප සමාජය දැනුවත් කිරීමට හැක. එමෙන්ම මහ මග අතහැර දමා ගිය සුනඛ පැටවුන් 8 දෙනෙක් මුදවාගෙන නිසි ලෙස සාත්තු කිරීමට අප සමාජයේ සිංහ සාමාජිකයන් ඉදිරිපත්විය. ඉදිරියේ දී මෙම ව්යාපෘතිය තවතවත් පුළුල් කිරීමට අපේ අවධානය යොමු වී ඇත.මෙම සද්කාර්යය සඳහා දැනටමත් විශාල පිරිසක් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී ඇත.එමගින් අප සමාජයේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගැනීමට අප බලාපොරොත්තු වෙමු.









