spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

මදුරන්කුලිය – හජ්ජී යතුරු පැදි තරගයේ පරාජිතයින් ජයග්‍රාහකයින්ට පහර දෙයි

Must read

මදුරන්කුලිය පුලිදිවායල් ක්‍රීඩාංගනයේ පැවති යතුරු පැදි තරගාවලියකින් පරාජය විද දරා ගැනිමට නොහැකිව එම තරගාවලිය සංවිධානය කල සංවිධායකයින් පිරිසක් කල පහර දීමේන් ජයග්‍රාහි කණ්ඩාමේ 15 වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් එයින් 6 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය 1 දින පැවසිය.

හජ්ජී උත්සවය වෙනුවෙන් පුලිදිවායල් ක්‍රීඩාංගනයේ පුලිදිවායල් ගම්මානයේ සංවිධායකයින් පිරිසක් විසින් 31 දින සංවිධානය කර තිබු තිරික්කල්,ත්‍රිරෝද රථ හා යතුරු පැදි තරගාවලියේ යතුරු පැදි අංශයේ ජයග්‍රහණය විරුතෝඩේ තරුණයින් විසින් ලබා ගැනිමත් සමග මෙලෙස පහර දීම සිදුකර ඇති බව කියයි.

මෙම තරගාවලිය සදහා පොලිසියේ අවසරයක් ලබා ගැනිමට සිදුකල යුතුව තිබුනද එලෙස අවසරයක් ලබා ගැනිමක් පවා සිදුව නැති බව කියයි.

අදාල තරගාවලිය විරුතෝඩේ කණ්ඩායම ජයග්‍රහණ කිරීමත් සමග එයට මෙම තරගාවලිය සංවිධානය කල පුලිදිවායල් යතුරු පැදි කණ්ඩායම හා එහි සංවිධායකයින් කෝපයෙන් පසුව ඇති බව කියයි.

එය තේරුම් ගත් විරුතෝඩේ යතුරු පැදි කණ්ඩායම තමන්ට හිමි ජයග්‍රාහි කුසලාන හා ත්‍යාග සියල්ලම ප්‍රතිප්ශේප කරමින් තරගාවලියෙන් පසු නිවෙස් වෙත පැමිණිමට ක්‍රීඩාංගනයෙන් පිටව එද්දි එක් ස්ථානයක රැදි සිටි පුලිදිවායල් සංවිධායකයින් හා තරුණයින් 25 කට වැඩි පිරිසක් පොලු මුගුරු වලින් විරුතෝඩේ තරුණයින්ට පහර දීමට කටයුතු කර තිබු බව කියයි.

එහිදි තම දරුවන්ට පහර දීම වලක්වා ගැනිමට එක්වු විරුතෝඩේ ගම්මානයේ වැඩිහිටියන්ටද අදාල කණ්ඩායම පොලු මුගුරු වලින් දිගට හරහට පහර දීමට කටයුතු කර තිබු බව

ද කියයි. කෙසේ වෙතත් පුලිදිවායල් කණ්ඩායමේ පිරිස් ඉතාමත් පහත් හා අමාණුෂීක ලෙස දරුවන්ට පහර දුන් බවත් ක්‍රීඩාවක් වෙනුවෙන් පහත් ලෙස හැසිරිම තමන් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බව විරුතෝඩේ පිරිස් පවසයි.

පහර දීමට සම්බන්ධ අදාල යතුරු පැදි හා තිරික්කල් තරගාවලිය සංවිධානය කල සැකකරුවන් මේ වන විට එම ප්‍රදේශ වලින් පලා ගොස් සැගව ඇති බවත් ඔවුන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බව මදුරන්කුලිය පොලිස්ථානාධිපතිවරයා පවසන්නට විය.

හිරාන් ප්‍රියංකර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article