spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

මන්නාරම රදගුරු නිවසේ ඉදිකරීම් සඳහා ගිය කොරෝනා අසාධිතයා වෙන්නප්පුව – ලුණුවිල ප්‍රදේශයේ බව තහවුරු වේ

Must read

download

මන්නාරම රදගුරු නිවසේ සේවය කරමින් සිටි දෙදෙනෙකුට සහ ඉදිරිකිරීම් කටයුතු සිදු කරමින් සිටි සිව් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.  මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාධිත අයෙකු බවට පසුගිය 08 වැනිදා හදුනා ගෙන ඇත.ඔහු වෙන්නප්පුව – ලුණුවිල පදිංචිකරුවෙකි.එම හදුනා ගැනීමෙන් අනතුරුව රදගුරු නිවසේ සිටි 35 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.රදගුරු නිවසේ සේවය කරමින් සිටි 18 දෙනෙකු සහ ඉදිකිරීම් බාරව සිටි 27 දෙනෙකු ඒ අතර වේ.

ඔවුන් අතරින් 05 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට පසුගිය 10 වැනිදා රාත්‍රීයේ ලැබී ඇති වාර්තා අනුව සදහන් වේ.
ඒ අතර ඉදිකිරීම් බාරව සිටි 04 දෙනෙකු සහ රදගුරු මැදුරේ සේවය කරමින් සිටි එක් අයෙකුද වේ.

කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගෙන ඇති ඉදිකිරීම් බාරව සිටි පිරිස වෙන්නප්පුව – ලුණුවිල සහ නාත්තන්ඩිය – පහල කටුනේරිය, හා දුන්කන්නාව ප්‍රදේශ වල පදිංචිකරුවන්ය. හමුවී ඇති රදගුරු මැදුරේ සේවකයා මන්නාරම – පෙරියකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර,කටුනායක අගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි දංකොටුව – දකුණු ගෝනාවිල පදිංචි 21 හැවිරිදි තරුනියක්ද කොරෝනා ආසාධිත තැනැත්තියක බවට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 

ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article